රාජ්‍ය ආරක්ෂක ලේකම් ලෙස සිටිමින් කමල් ගුණරත්න මහතා විසින් සිදුකරන ලැබූ බවට සහතික කරන ලද පුවත් පලකිරීම පිලිබඳව www.ravanalankanews .lk වෙබ් අඩවියට ආරක්ෂක නිෂ්කාශන ලබා නොදීමට ඔහු කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව රුපියල් බිලියන 10 ක් වන්දි ඉල්ලා නඩු පැවරීමට මෙම වෙබ් අඩවියේ හිමිකරු තීරණය කර තිබේ.
2023 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂක නිෂ්කාශන ඔහු විසින් ලබා නොදීමත්, මෙම වෙබ් අඩවිය අයහපත් වෙබ් අඩවියක් ලෙසට වාර්තා ලබා දීමත් ආදී කරුණු ගණනාවක් හේතුවෙන් මෙසේ නඩු පැවරීමට තීරණය කර තිබේ.
එසේ නඩු පැවරීමට ආසන්නතම හේතුව වන්නේ පසු ගිය සිකුරාදා (27) වෙබ් අඩවියට අවශ්‍ය බලපත්‍රය නිකුත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රතික්ෂේප කිරීමයි.
ඒ අනුව එම ලිපියේ සදහන් වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවශ්‍ය නිෂ්කාශන ලැබී නැති බැවින් බලපත්‍රය ලබා දිය නොහැකි බවයි.
කෙසේ නමුත් රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබේ. ඒ මීට මාසයකට පෙරය.
ඒ අනුව එම මූලික අයිතිවාසිකම් නඩුවේ කරුණුත්, වර්තමාන තත්වයත් එකට එකතුකර මෙසේ නව නඩු පැවරීමට අවශ්‍ය නීතිමය කටයුතු අද (31) අවසන් කර තිබේ.
ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක අංශවල සමහර ප්‍රධානීන් විසින් සිදුකර තිබෙන බවට චෝදනා කරමින් අප පලකර තිබෙන කිසිදු වාර්තාවකට ඔවුන් මේ වන තෙක්ම ප්‍රතිචාර දක්වා නොමැතිවීම විශේෂත්වයකි.
තවද කමල් ගුණරත්න මහතා විසින් ද මෙම වෙබ් අඩවියේ හිමිකරුට එරෙහිව නඩු පවරන බවට මීට මාස කිහිපයකට පෙර මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබුනි. එයට පෙනී සිටීමටත්, පිළිතුරු ලබා දීමටත් හිමිකරු සූදානම්ව සිටියත් මේ වන තෙක්ම එම නඩුවට අදාලව කිසිදු ලිපියක්වත් ලැබී නොමැතිවීම තවත් විශේෂත්වයකි.
එසේම බලපත්‍රය නිකුත් නොකිරීම සහ අනෙකුත් සියලුම බලපෑම් එකට එකතු කර එක්ශත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිනිලි කිරීමටද, ලැබී තිබෙන තොරතුරුවලට අනුව කමල් ගුනරත්න මහතාට එරෙහිව තවත් පැමිනිලි කිහිපයක්ද ඉදිරිපත් කිරීමටද ආයතන කලමනාකාරීත්වය තීරනය කර තිබේ.
ආරක්ෂක ලේකම් තනතුර රාජ්‍ය සේවයේ තනතුරක් වන අතර, කමල් ගුණරත්න මහතාට චෝදනා එල්ල වන්නෙ ආරක්ෂක ලේකම් ලෙස නොහොත් රාජ්‍ය සේවයේ සිටිමින් කරන ලද කටයුතු පිලිබඳවයි. ඒ සදහා අවශ්‍ය තහවුරු කිරීම් අප සතුව පවතී කමල් ගුණරත්න මහතා විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු වන අතර මෙම වෙබ් අඩවියේ හිමිකරු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික බලලත් නිලධාරිවරයෙකි.