පල්ලම පොලිස් වසමේ නාගවිල, ආඩිගම ප්රදේශයේදී තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම එම ඝාතනය සිදුව තිබෙන්නේ මරණකරු තවත් පිරිසක් සමඟ තම නිවසේ මත්පැන් පානය කරමින් සිටි අවස්ථාවේ එක් පුද්ගලයෙකු සමඟ බහින්බස් වීමක් ඇතිකරගෙන තිබෙන අතර එය දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා මරණකරුගේ ගෙලට කම්බියකින් පහර දී ඝාතනය සිදුකර තිබේ.
ඒ අනුව මියගිය පුද්ගලයා නාගවිල ආඩිගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක පුද්ගලයෙකි.
මේ අතර පල්ලම පොලිසිය විසින් සැකකරුවන් හඳුනාගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තා වේ.