කලා උපාධි වල යාවත්කාලීන වීමක් ඉදිරියේදී

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ,කලා උපාධි පාඨමාලා විෂයන් රැසක් රැකියා වෙළෙඳපොලට සරිලන පරිදි යාවත්කාලීන කිරීමට තීරණය කර තිබේ.

වාර්තා වන ආකාරයට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් සදහන් කර තිබුනේ කලා විෂය ධාරාවන්ගෙන් උපාධි පාඨමාලා 314ක් ක්‍රියාත්මක බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා සදහන් කර තිබුනේ මෙම උපාධි පාඨමාලා වල ගුණාත්මක බව පවත්වා ගනිමින් වත්මන් රැකියා ලෝකයට සරිලන පරිදි අදාළ යාවත්කාලීන කිරීම් සිදුකරන බවයි.

අදාළ යාවත්කාලීන කිරීම් ලබන වසර අවසාන වීමට පෙර සිදු කිරීමට නියමිත බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

වත්මන් සමාජයේ පවතින රැකියා ඉල්ලුමට සරිලන පරිදි වෘත්තිමය හා ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කර සිසුන්ට යහපත් අනාගතයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව එම අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version