කලා වැවේ හදිසි වාන් දොරටු විවෘත කෙරේ.

කලාවැව ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ (07) රාත්‍රියේ සිට ඇදහැලුනු වර්ෂාවත් සමග කලාවැව ජලධාරිතාවය ඉහළ යාම නිසා එහි හදිසි වාන්දොරටු අද (08) පස්වරු 3.00 සිට වීවෘත කිරීමට කලාවැව ජලාශභාර කාර්යාලය කටයුතු කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව කලාවැව හදිසි වාන්දොරටු දෙකක් අඩි දෙක බැගින් මේ වනවිට විවෘත කර ඇති අතර අද (08) පස්වරු 3.00 සිට එම හදිසි වාන්දොරටු විවෘත කිරීමට කලාවැව ජලාශ බාර කාර්යාලය පියවර ගෙන තිබේ .

හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග එමගින් තත්පරයට ඝණ අඩි 2017ක ප්‍රමාණයක් කලා ඔයට මුදා හැරෙන බව සදහන් .

දඹුලුඔය ඇතුලු ජලමුලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 5101ක පමණ ප්‍රමාණයක් කලාවැවට එක්වෙමින් පවතින බවත් , පවතින තත්ත්වය අනුව රාත්‍රි කාලයේදී තවදුරටත් එම හදිසි වාන් දොරටු විවෘත කිරීමට සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් , ආපදා අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් කලාඔය දෙපස පදිංචිකරුවන්ට අනුරාධපුර ආපදා කලමණාකරන ඒකකය දැනුම්දීමක් සිදු කර තිබේ .

Exit mobile version