කහ කිලෝ 776 ක් සමග සැකකරුවන් තිදෙනකු අත් අඩංගුවට ගනී.

රජයට ගෙවිය යුතු තීරුබදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වා බෙදා හැරීමට සූදානම් කර ත්‍රිවිල් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝ 260ක් සැකකරුවන් තිදෙනකු සමග කල්පිටිය පොලීසිය කල වැටලීම් දෙකකදී අත් අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කල්පිටිය පොලීසිය හා එක්ව කල වැටලීමේදී තවත් කහ කිලෝ 516 පොලිස් බාරයට ගෙන තිබේ.

කල්පිටිය කුඩාව තේතාවාඩිය කලපු තීරයේ කැලයක සඟවා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබියදී මෙම කහ තොගය සොයා ගෙන ඇති අතර මෙම කහ තොගය සඟවා පලාගිය සැකකරුවන් සොයා පොලීසිය පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ.

කල්පිටිය පොලීසියේ ස්ථානාධීපති පොලිස් පරික්ෂක නිශාන්ත කුමාර මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරික්ෂක උදයකුමාර මහාතා ඇතුලු නිළධාරීන් පිරිසක් වැටලීම් සිදුකර තිබෙනවා. මේ සඳහා අධිකරණ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.

Exit mobile version