කහ මිල පහළට

කහ දේශීය අස්වනු වෙළඳපොළට ලැබීමත් සමග සීග්‍රයෙන් ඉහළ යන ලද කහ කුඩු මිල පහත බැස ඇත.

ඒ අනුව කහ කුඩු කිලෝග්‍රෑමයක මිල රු.7000 සිට රු.4500 දක්වා පහත බැස ඇත.

බීජ කහ කිලෝග්‍රෑමයක මිල ද රු.1000 සිට රු.500 දක්වා පහත බැස ඇති බව සඳහන් වේ.

වෙනත් බෝග වගාකරමින් සිටි ගොවීන් බොහොමයක් මේ වන විට කහ වගාව සඳහා යොමු වී ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Exit mobile version