කොළඹ හෝටල් සහ සංචාරක ආරක්ෂාව ගැන දැඩි අවධානයක්.

කොළඹ සංචාරක හෝටල් සහ ඒවාට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා එම හෝටල්වල ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම් දුන් බවට වාර්තා වේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශකවරයා කොළඹ සංචාරක හෝටල්හි ආරක්ෂක ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවකදී වර්තමානයේ සංචාරක හෝටල් සහ සංචාරකයින් මුහුණ දෙන ගැටලු මෙන්ම එම ගැටලු වලට පිළියම් යොදන ආකාරය පිළිබඳව උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version