කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත්  කෙරේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ ජනවාරි මස අවසන් සතිය කළු විරෝධතා සතියක් බවට ප්‍රකාශයට පත් කරන බවයි.

මෙසේ කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කිරීමට හේතු වී ඇත්තේ රජය විසින් අත්තනෝමතික ලෙස බදු සංශෝධනයට විරෝධය පළ කරමින්ය.

රට ආර්ථිකමය වශයෙන් පත්ව සිටින අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේ.

එමෙන්ම රජයේ මෙම අත්තනෝමතික ක්‍රියාවලිය සඳහා කෙරෙන විරෝධය පළ කිරීමක් වශයෙන් දිවයිනේ සියලුම රෝහල් ආවරණය වන අයුරින් වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතින බව ද වෛද්‍යවරයා විසින් අවධාරණය කරන ලදී.

එම පෙත්සම එළඹෙන ජනවාරි මස 10 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දීමට කටයුතු සැලසුම් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Exit mobile version