ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිහිටුවීමෙන් පසු තේරී පත් වුණු ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයේ ලේකම්වරුන් සහ සභාපතිවරුන් ක්‍රීඩා අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවති බව වාර්තා වේ.
පසුගිය දෙසැම්බර් 14 වනදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ ක්‍රීඩා පනතේ සංශෝදන නියෝග සියල්ල මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තරයේ ඇති වැදගත් තොරතුරු රැසක්ද මෙහිදී සාකච්ඡා කළ බව වාර්තා වේ.
එම ක්‍රීඩා පනතෙන් ඉදිරිපත් කළ සංශෝදන නියෝග සියල්ලටම හිටපු සභාපතිවරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළ බව ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සදහන් කරයි.