අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.
වාර්තා වන ආකාරයට එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඒ බව පැවසීය.