විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශද්‍රෝහීන් සහ රාජද්‍රෝහීන් බවයි.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ඊයේ ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමිනුයි.
“හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වූ බවත්, එවැනි තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ අයි.සී.සී. එක අප රටට ක්‍රිකට් තහංචියක් දමා ඇති බවට දැන ගන්නට ලැබුණා.”
ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවියට අනුව අදාළ තහනම පනවන ලෙස ඉල්ලීම් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
අපේම රටේ ආයතනයක් රටට වින කරන්න කටයුතු කර ඇති බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ සිටින්නේ දේශද්‍රෝහීන් සහ රාජද්‍රෝහීන් බවත්, ඔවුන් සමස්ත පුරවැසියන්ටම ද්‍රෝහිකම් සිදුකර ඇති බවත් මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී අද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීයි.
මෙලෙස ක්‍රිකට් බලධාරීන් අක්‍රමිකතා සිදුකළ මුදල්වල හිමිකාරීත්වය පවතින්නේ ජනතාවට බවත්, පාර්ලිමේන්තුවද පක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් වෙනුවෙන් එකට එකතු වූවා සේ, ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ලක්ෂ 220ක් වූ ජනතාවද එකට එකතු වී ක්‍රිකට් පරිපාලනයට එරෙහිව නැගී සිටිය යුතු බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.