මහජන ආන්දෝලනයට තුඩු දුන් ක්‍රීඩා ඇමතිවරයා විසින් පත්කල ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම මතභේදයට තුඩු දුන් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න එම නඩුව විභාගයෙන් ඉවත් වු අතර විනිසුරු ගනේපොලද ඉවත්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණය විසින් මීට පෙර ලබාදුන් අතුරු නියෝගය යළි සළකා බලන ලෙස ඉල්ලා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ ගොනුකළ මෝසමක් අද (14) විභාගයට ගැනිණි.
අදාළ අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මකව අදහස් පළකළේය.