ක්‍රීඩක ඉයුප් ට(ර්)කස්ලාන් ජීවිතක්ෂයට

තුර්කියේ “යේනි මලටියාස්පෝර්” නම් ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා සමාජයක ගෝල රකින්නෙකු වශයෙන් ක්‍රීඩා කල ක්‍රීඩක අහමට් ඉයුප් ට(ර්)කස්ලාන් තුර්කිය තුළ ඇති වූ භූමි කම්පාවෙන් මිය ගොස් තිබේ.

අවුරුදු 28 හැවිරිදි ඉයුප් 2021වසරේ සම්බන්ධ වීමෙන් පසු තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් හය වතාවක් ක්‍රීඩා කොට ඇති බව වාර්තා වේ.

තුර්කියේ සහ රැසියාවේ එම භූමිකම්පාව හේතුවෙන් පුද්ගලයින් 8,000 ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බවද වාර්තා වී තිබේ.

Exit mobile version