ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් මෙරට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති හමුවකදී ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවයි.
ඒ අනුව දුනු විදීම, කබඩි, මල්ලව පොර, ටෙනිස්, ඇතුළු මෙරට ප්රමුඛ ක්‍රීඩා ඉසව් 08 ක් සඳහා වැඩි අනුග්‍රහයක් ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ තිබේ.
එමෙන්ම මෙරට යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ද මෙහිදී යෝජනා වී තිබේ.