ක්‍රීඩා සංගම් හරහා වයස අවුරුදු 23න් පහළ වශයෙන් තරඟාවලියක් පැවැත්වීමට ඉදිරියේ දී කටයුතු සූදානම් කරන බව ත්රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
මෙමගින් කොවිඩ් වසංගත සමයේ දී වයස අවුරුදු 19න් පහළ තරඟාවලි අහිමි වූ දරුවන්ට විශේෂ අවස්ථාවක් හිමිවන බව ද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහි දී සඳහන් කර ඇත.
නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ සෑම ක්‍රීඩාවකම වයස අවුරුදු 23න් පහළ වශයෙන් වයස් කාණ්ඩයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවයි.
අද (06) ජාතික ක්‍රීඩා සභා ශ්‍රවනාගාරයේ දී පැවති ශ්‍රී ලංකා වූෂු ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට පුහුණු මධ්‍යස්ථානයක් සමඟ මූල්‍යමය ප්‍රදානයක් ද සිදු කරමින් එම අවස්ථාවට එක්වෙමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.