අද (15) දින සිට විදුලි ගාස්තු 66% කින් ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය අද පස්වරුවේ හිමි වූ බව විදුලිබල මණ්ඩලය ප්රකාශ කරයි.
මෙම සංශෝදනයන්ට අනුව නව විදුලි ගාස්තු මෙසේයි.
මුල් ඒකක 30 ට අදාළව එක් ඒකකයක් සදහා දැනට අය කරන මුදල වන රුපියල් 8 ක ගාස්තුව රුපියල් 30 දක්වාත් , ඒකක 31 සිට 60 දක්වා දැනට අය කරන මුදල වන රුපියල් 10 ක ගාස්තුව රුපියල් 37 දක්වාත් , ඒකක 61 සිට 90 දක්වා දැනට අය කරන මුදල වන රුපියල් 16 ක ගාස්තුව රුපියල් 42 දක්වාත් ඒකක 91 සිට 120 දක්වාත් ඒකක 121 සිට 180 ව දක්වාත් ස්ථාවර ගාස්තු 1500 දක්වාත් වැඩි වී ඇති බව කියයි.
ආගමික ස්ථාන සහ පුණ්යාගමික ස්ථාන සදහා පළමු ඒකක 30 ට අදාළව පැවතුණු රුපියල් 90 ක ස්ථාවර ගාස්තුව රුපියල් 400 දක්වාත් , ඒකක 31 සිට 90 දක්වා අය කෙරුණු රුපියල් 120 ක ස්ථාවර ගාස්තුව රුපියල් 550 දක්වාත් , 180 ට වැඩි කාණ්ඩ සදහා අය කෙරුණු 1500ක ස්ථාවර ගාස්තුව රුපියල් 2000 දක්වාත් වැඩි කර ඇති බව කියයි.
එමෙන්ම කර්මාන්ත අංශය සදහා පළමු ඒකක 300 කාණ්ඩය යටතේ එක් ඒකකයකට අය කෙරූ රුපියල් 20 ක ගාස්තුව රුපියල් 26 දක්වාත් , ඒකක 300ට වැඩි සෑම ඒකකයකටම අය කෙරුණු රුපියල් 20 ක ගාස්තුව රුපියල් 26 දක්වාත් වැඩි වී ඇති අතර ඒ අනුව පළමු ඒකක 300 සදහා අය කෙරුණු රුපියල් 960 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1200 දක්වාත් , ඒකක 300ට වැඩි සෑම කර්මාන්තයක් සදහාම අය කෙරුණු රුපියල් 1500 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වාත් වැඩි කර ඇත.
පොදු කාර්යයන් , හෝටල් , රාජ්ය ආයතන සදහා පළමු ඒකක 180 ට අඩු කාණ්ඩ සදහා ඒකකයකට අය කෙරුණු රුපියල් 25 ක ගාස්තුව රුපියල් 40 දක්වාත් , ඒකක 180 ට වැඩි කාණ්ඩ සදහා ඒකකයකට අය කෙරුණු රුපියල් 32 ක ගාස්තුව රුපියල් 47 දක්වාත් වැඩි කර ඇති අතර ඒ අනුව පළමු ඒකක 180 සදහා අය කෙරුණු රුපියල් 360 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1000 දක්වාත් , ඒකක 180 ට වැඩි කාණ්ඩ සදහා අය කෙරුණු රුපියල් 1500 ක ස්ථාවර ගාස්තුව රුපියල් 1600 දක්වාත් වැඩි කර ඇති බව වාර්තා වේ.