ජනතාවගේ ගැටළු ගැන කිසිම දැනුමක් හෝ ජනතාවගේ දුක් ගැන හිතන්නට හෝ දැනෙන්නට පපුවක් නැති රාජ්‍ය සේවයක් බිහිකළේ මෙරට ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය විසිනි. එම දේශපාලන අධිකාරිය පත් කරගත්තේ මෙරට ජනතාව විසිනි. ජනතා සේවය වෙනුවෙන් එසේ පත්කරගත් හිතක් පපුවක් නැති පාලකයන් තම ජනතාවට සතුට වෙනුවට ලබා දුන්නේ දුක්ඛිත ජීවිතයකි.
එවන් රටක ජනතාවගේ පැත්ත නොදුටු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් බිහිකරන ලද වර්තමාන රජයට තවමත් මෙරට ජනතාව වෙනුවෙන් අවශ්‍ය සේවය ලබා දීමට නොහැකිව තිබේ.
පසුගිය සතියේ ආන්දෝලනයට තුඩු දුන්නේ විදුලි බිල නැවත වැඩි කිරීම පිළිබඳවය. ජනතා විරෝධතා හමුවේ වුවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කලේ කවුරු එරෙහි වුවත් විදුලි බිල වැඩිකරන බවය. ඒ අනුව අද (09) විදුලි බිල වැඩිකිරීම සදහා ඉදිරිපත් කිරීමට තිබු කැබිනට් පත්‍රිකාව වෙනුවට විදුලි මිල වැඩි කිරීමේ සූත්‍රයක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉන් පෙනෙන්නේ සූත්‍රය හරහා විදුලි බිල වැඩි කිරීම නොහොත් අඟේ ඉඳන් කන කෑමක් සිදුවන බව පෙනේ. ඉන් මෙරට තව දුරටත් බිද වැටෙනු අතර කුඩා සහ මහා පරිමාණ කර්මාන්තශාලා පවත්වාගෙන යාමට අපහසු වනු ඇත. ඉන් තවත් බොහෝ දෙනෙකුට රැකියා අහිමි වනු ඇත.