කාංචන විජේසේකර මහතා මාධ්‍යයට බයයි. ජනමාධ්‍ය අමාත්‍යංශයේ පමණක් මාධ්‍ය සාකච්චා තියන්න.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්චාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙමින් තිබේ. මෙහිදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්නයක් යොමුකරමින් සමහර ඇමතිවරුන් මාධ්‍යයට බය බවත්, කෙහෙළිය රඹුවැල්ල මහතා සහ ආචාර්‍ය බන්ධුල ගුණවර්ධන මහතා වැනි ඇය මාධ්‍යයට බිය නැති බව ප්‍රකාශ කරන ලදී.

එහි ඔහු පෙන්වා දුන්නේ කාංචන විජේසේකර අමාත්‍යවරයා මාධ්‍යයට බිය බවත්, ඔහු කරනුයේ ට්විටර් පණිවිඩ නිකුත් කිරීම පමණක් බව ප්‍රකාශ කරන ලදී. එහිදී ඔහු පෙන්වා දුන්නේ ඉන් සිදුවන්නේ රටේ සිදුවන වැදගත් ප්‍රශ්න මහජනතාවට රැගෙන යාමට ඉඩකඩ ඇහිරී තිබෙන බවයි. එබැවින් මැති ඇමතිවරුන්ගේ මාධ්‍ය සාකච්චා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පමණක් පවත්වන ලෙස මාධ්‍යවේදී අතුල ඇතුලත් මුදලි මහතා ඉල්ලීමක් කරන ලදී. එහිදී ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට  ආචාර්‍ය බන්ධුල ගුණවර්ධන මහතා කටයුතු කරන ලදී.

Exit mobile version