කාංචන සුභ අළුත් අවුරුද්දක් වේවා කියා වැඩ අල්ලයි. කුකුල් හඬ අස්සෙම ඉංධන ම්ල වැඩි කරලා


නව අවුරුද්දට පා තබා කුකුළාගේ ශබ්දය අඩු වෙන්නටත් පෙර කාංචන විජේසේකර මහතාගේ අමාත්‍යාංශයට අයත් ඉංධන මිල වැඩිකර තිබේ.
ඒ අනුව සිපෙට්කෝ ඉංධන මිල අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි මිළ ඉහල දමා තිබේ.
නව මිල ගණන්වලට අනුව 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 38 කින් ඉහළ දමා නව මිල රුපියල් 464 කි.
92 වර්ගය රුපියල් 38 කින් ඉහල දමා නව මිල 464 ක් ද වේ.
ලංකා ඔටෝ ඩීසල් රැපියල් 29 කින් ඉහල දමා නව මිල නව මිල 358 ක්ද , ලංකා සුපිරි ඩීසල් රුපියල් 41 කින් ඉහළ දමා නව මිල 475 ක් ලෙසද සටහන් වේ.
ලංකා භූමිතෙල් මිල රුපියල්11 කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 236 කි.
ඉංධන ආරවුල ආරම්භ වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමටත් පෙර සිටයි. සියලු ජනතාවගේ සියලු බදුබරට මුලිකව තිබෙන්නේ මෙම ඉංධන මිල වේ.

Exit mobile version