කාණුවකට ඇද වැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට.

මේ වන විට රට තුළ පවත්නා අධික වර්ෂා සහිත කාලගුණය හමුවේ ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවක් තුළට ඇදවැටී එහි සිරවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි සජිත් ගුණරත්න නමැති පාසල් සිසුවෙකු මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුව ඇත.

මෙසේ සිරවී ඇති දරුවා ප්‍රදේශවාසීන් සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වී ඇත.

Exit mobile version