කාදිනල්ගේ භාශනයේ සහ ප්‍රකාශනයේ අයිතියට නාරම්පනාවේ ආනන්ද නාහිමි එරෙහි වෙයි. දෙවෙනි වරටත් ආගම් ගැටුමකට මුල පුරන ප්‍රකාශයක්

පොලිස්පති පත්කිරිමට
ආගමික නායකයන්ගේ
ඇඟිලිගැසීම් එපා…

-අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමි.

පොලිස්පති ධුරයට සුදුසු නිලධාරියකු පත්කිරිමේදි ආගමික නායකයන් බලපෑම් කිරිම කිසිසේත්ම අනුමත කළ නොහැකියැයි අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පවසති.
පොලිස්පති ධුරයට නිලධාරියකු පත්කිරිම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ නිදහස ජනාධිපතිවරයාට තිබිය යුතු බවත් කුමන හෝ ආගමික නායකයකු ඒ සඳහා කරන බලපෑම් සුදුසු නොවන බවද උන් වහන්සේ කියති.
ඉතිහාසයේ පළමුවරට පොලිස්පතිවරයකු නැති පොලිසියක් වර්තමානයේ පවතින්නේ මෙම අනවශ්‍ය බලපෑම් නිසා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.
පොලිස්පති ධුරයට නිල නිලධාරින් කීපදෙනකු නම්කරමින් එම අය එම ධුරයට පත්නොකරන ලෙස කාදිනල්තුමා ජනාධිපතිවරයාට දන්වා යවා ඇති බව දැනගන්නට ඇතැයි සඳහන් කරන නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ ඒ නිදහස ජනාධිපතිවරයාට දී ආගමික නායකයන් ඉන් බැහැරවිය යුතුයැයිද කියති.
ආගමික නායකයන් ආණඩුවට බලපෑම් මෙන්ම උපදෙස් දිය යුතු කාරණා තිබුණත් රටේ ආරක්ෂාවට බලපාන පොලිස්පති වැනි ධුරයක් සම්බන්ධයෙන් කරන ඇඟිලි ගැසීම් නොවිය යුතු ඒවා යැයිද නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ කියති.

කෙසේ නමුත් මහජන තනතුරු පත්කිරීමේදී, ඒවාට එරෙහි වීමට, නිර්දේශ ලබා දීමට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තිබේ. නමුත් සෘජුවම, ආගමික ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට බෞද්ධ දර්ශනය තුල ඉගැන්වීමක් නැත. මුන් වහන්සේ මීට පෙරද ආගමික ගැටුම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ආගමක් හෝ ආගමික නායකයෙක්ගෙ ප්‍රකාශයකට එරෙහිව සෘජුවම ප්‍රකාශ නිකුත් කිරීමෙන් ඇතිවන ගැටුම්වලටද වගකීමට මෙවැනි හිමිවරුන්ට සිදු වේ.

කාදිනල්ගේ ප්‍රකාශය මත යම් නීති කඩවීමක් සිදුව තිබෙනම් එය සොයා බලා, ඒ අනුව ඒ අනුව කටයුතු කිරීමයි. මීට පෙර කරන ලද ප්‍රකාශය පහතින්.

Exit mobile version