පාස්කු දින ප්‍රහාරය යට ගහනවා – කාදිනල් හිමි

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල වී අද (14) දිනට දින 1000ක් සම්පූර්ණ වේ.

ඒ උදෙසා අද පෙරවරුවේ දෙවියන්ට කන්නලව් කිරීමේ දේව මෙහෙයක් තේවත්ත ලංකා අප ස්වාමී දූ ජාතික බැසිලිකාවේ දී පැවැත්විණ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් එම දේව මෙහෙය පපැවැත්වූන අතර ඒ සඳහා කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවලදී බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය අයගේ පවුලේ සාමාජිකයින් මෙන් ම තුවාල ලැබූවන් ද සහභාගී විය.

එහි දී කාදිනල් හිමියන් සඳහන් කළේ පාස්කු ඉරුදින මිනීමැරුම සිදුව අදට දින 1000ක් වුවත් මේ වන විටත් මෙම බෝම්බ ප්‍රහාරය යට ගසන්නට බොහෝ බලවතුන් උත්සහ දරන බවයි.

කෙසේ නමුත් රටේ ජනතාවට මේ වන විට සත්‍ය තේරුම්ගෙන කටයුතු කරන අතර විවිධාකාර හේතු මවා පාමින් මෙය යට ගසන්නට හැදුවද ජනතාව නුදුරේදීම එදා පුපුරාගිය බෝම්බයට වඩා වැඩි බලයකින් පුපුරා යනු ඇති බවට එතුමන් සඳහන් කරයි.

ප්‍රහාරය පිළිබඳ දැන දැනත් එය වැළැක්වීමට කටයුතු නොකර එය වැළැක්වීමට යන අයගේ මාවතත් අවහිර කර මෙම ප්‍රහාරය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම ඇතැම් නායකයන්ගේ අරමුණ වූ බව ද කාදිනල් හිමි පඑහිදී අවධාරණය කර ඇත.

Exit mobile version