කාන්චන යන්තම් “හරි දෙයක් කරද්දී”, “වැඩේ අවුල්කරන වැඩක්” කිරීමට පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්.

ඉන්ධන බෙදා හැරීම අවසන් අංකයට තීරණය කිරීමත්, ඉන්ධන හල් වෙත ඉන්ධන ලැබෙමින් පවතින බැවින් ජනතාවට ඉන්ධන බෙදා හැරීමක් සිදුවෙමින් පවතී. අද (26) වන විට ඉන්ධන ලබා ගැනීමට තිබු තදබදය අඩුවෙමින් පවතී. එසේම ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ ඝෝෂාවන් දැන් අඩුවෙමින් පවතී. ඉන්ධන බෙදා හරිම සහ ගෙන්වීම පිලිබදව කුමන ගැටළු තිබුනත් අමාත්‍ය කාංචන විජේසේකරගේ සහ බලධාරීන්ගේ මෙම තීරණය කාලෝචිත වේ. ගත හැකි හොදම විසදුම ද එය වේ.  

එම ක්‍රමයට ඉදිරියට ගියහොත් තවත් සතියක් පමණ ගතවන විට දැනට තිබෙන තදබදය අඩු වී කේත ක්‍රමයත් සමගම තව දුරටත් යහපතක් වනු ඇත. පුද්ගලික වාහනයෙන් ගමන් ගිය පුද්ගලයන් පොදු ප්‍රවාහන සේවයටත්, කෙටි ගමන් යාම සදහා පා පැදියත් හාවිතා කිරීමට හුරුවෙමින් සිටී.

සියල්ලම යහපත් වෙමින් තිබෙන බවට ඉඟි පලකෙරෙමින් තිබියදී මෙන්ම බොහෝ පොලිස් ස්තානවලින්ද සියල්ලම යහපත් කරමින් තිබියදී පොලිස් මූලස්ථානය මගින් QR කේතයට අනුව ඉන්ධන නිකුත් කල හැකි වාහන සංඛ්‍යාව පමණක් පෝලිම් තුල රදවා සෙසු වාහන පෝලිමෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස”  පොලිස් මූලස්ථානයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පාලන) මගින් දිවයිනේ සියලුම් පොලිස්  දැනුම් දී තිබේ. එහි සදහන්ව තිබෙන ආකාරයට ලබා දිය හැකි වාහනවල අවසානයේ මාර්ග බාදකයක් යොදන ලෙසද සදහන් වේ. එසේම එහි විවිධ උපදේශ රාශියක් අඩංගුවේ. හි ඉතාම හොද උපදෙස් රාශියක්ද අඩංගු වේ.

නමුත් අප මෙහිදී අවධානය යොමුකරනුයේ මාර්ග බාධක යොදා ඇතුල්වීම වලක්වන ලෙස ලබා දී තිබෙන නිවේදනය දෙසයි. එය කිසි සේත්ම කල නොහැකි කටයුත්තක් වන අතර එම උපදේශයේ කුමක් සදහන් වුවත් එම නියෝගය නිකුත් කර තිබෙන හෝ එසේ “නිවේදනයක් නිකුත් කරමු” ලෙස යෝජනා කරන ලද නිලධාරියා කිසිම දිනයක ඉන්ධන පෝලිමක ගොස් හෝ එහි සිදුවන්නේ කුමක්ද යන්න පිලිබඳව නිසි අවබෝධයක් ලබා නැති බව පැහැදිලිය.

ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව රැදී සිටින්නේ මාර්ගය අයිනේය. වාහන පෝලිම කිලෝමීටර් කිහිපයක් දුරට විහිදී යන අතර කියනා ආකාරයට මාර්ග බාධක යෙදිය යුත්තේ එහි අවසානයේය. එසේම වාහන මැදින් රිංගන්නේ නම් ඒවා නැවැත්වීමට පොලිසියට හැකියාවක් නැත. එසේම එකම පොලිස් බලප්‍රදේශයක ඉන්ධන බෙදා හැරීමේ ස්ථාන තුනක් තිබුණහොත් ඒ අකාරයෙන් පොලිස් නිලධරීන් කටයුතු කරන ඒකෙසේද?. එසේම ඉන්ධන ලබා ගැනීම සදහා ජනතාව නගරයට පැමිණෙන්නේ කිලෝමීටර් 15,20 වැනි දුරක සිට විය හැකිය.

මෙසේ මාර්ග බාධක යොදා කල යුතු කාලයක් තිබුණි.එම කාලයේ පොලිස් නිලධාරින් පවා මහජනතාවගෙන් බැනුම් ඇසු නමුත් පොලිස් මූලස්ථානය පොලිස් නිලධරීන් දෙස හෝ ජනතාව දෙස නොබැලු බව අප අත්දැකීමෙන්ම දනී. කෙසේ නමුත් මාර්ග බාධක යොදා කරන්නේ නම් එය තවත් හොද නමුත් ප්‍රයෝගිකව කිරීමට පොලිස් නිලධාරින් පොලිසිවල සිටිද?. එසේම  නගරයක ඉන්ධන බෙදුම් ස්ථාන 6 ක් පමණ තිබුණහොත් එම මාර්ග බාධක වෙත යෙදවීමට වෙනමම පොලිස් නිලධාරීන් යෙදවිය යුතුය. එසේම විවිධ කර්මාන්තශාලා  ආදිය සදහා ඉන්ධන ලබාගැනීමට පැමිණෙනුයේ බැරල් සහ බුලි රැගෙනය. එවැනි වාතාවරණයක් තුල එසේ කිරීමට යාමෙන් නැවතත් පොලීසිය සහ මහජනතාව අතර ගැටුම් ඇති වේ.  ඒවා ඇතිවන්නේ කෙසේද යන්න පොලිස් ස්ථානවල සේවය කරන නිලධාරීන් මැනවින් හදුනාගෙන තිබේ. උදාහරණයක් ලෙස අබාධිත පුද්ගලයන්, රෝගීන් විශාල ප්‍රමාණයක් පොලිමට පිටින් පැමිණ ඉන්ධන ලබා ගනී. ඒ සදහා ජනතාව විරෝධතා ඉදිරිපත් නොකරයි. එවැනි පුද්ගලයන් 15 ස් දෙනෙකුට ඉන්ධන ලබා දීමක් වුවහොත් පසුපසින් පැමිණෙන 15 ස් දෙනෙකුට ඉන්ධන අහිමි වේ. එවිට එම 15 ස් දෙනාට ඉන්ධන ලබා දීමට සිදුවන්නේ අදාල පොලිස් ස්ථානාධිගේ ගෙදරිනි.

නමුත් අංක තහඩු පරික්ෂාව, මෙන්ම මහජනතාව සමග සුහදශීලිව කටයුතු කිරීම ආදිය පිලිබදව ලබා දී තිබෙන උපදේශ වඩාත් සුදුසු නමුත් මාර්ග බාධක ආදිය යොදවා ඉන්ධන හල් පරිපාලනය පොලිසිය අතට ගැනීමට යාමෙන් ජනතාව තව දුරටත් පීඩාවිදින අතර පොලිසිය සහ මහජනතාව අතර ගැටුම් ඇතිවන බව බලධාරීන්ගේ දැනගැනීම උදෙසා වාර්තා කෙරේ.  

Exit mobile version