පොලිස් නිලධාරියෙක් කාන්තාවකගෙන් ගුටි කයි.

ජා ඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසළ දී ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ තරුණියක් නවත්වා පරීක්ෂා කරන විට දී පොලිස් නිලධාරියෙකුට පහර දී යතුරුපැදිය එම ස්ථානයේ දමා අදාළ කාන්තාව පළා ගොස් ඇති බව වාර්තා වේ.

මෙම කාන්තාව ගමන් ගත් යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේ දී අදාළ කාන්තාව පදිංචි ප්‍රදේශය හදුනා ගෙන ඇති අතර කදාන ප්‍රදේශයේ ඇති නිවසට ගිය පොලිස් නිලධාරින් හට ඇයගේ නිවැසියන් පවසා ඇත්තේ අදාළ කාන්තාව මානසික ගැටුවක් නිසා මෙසේ කර ඇති බවයි.

අදාළ කාන්තාව පොලීසියට කැදවා ඇති අතර ඇයගෙන් කරුණු විමසීමෙන් අනතුරුව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.

Exit mobile version