කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

අනතුරකින් දෑත් අහිමි වූ 45 හැවිරිදි ඉන්දීය ජාතික චිත්‍ර ශිල්පියකුට දෑත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථක වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍ර ශිල්පියාට බද්ධ කර ඇත්තේ අවයව පරිත්‍යාග කළ කාන්තාවකගේ අත් වීම විශේෂත්වයකි.

මෙම පුද්ගලයාට ඔහුගේ දෑත් අහිමි වී ඇත්තේ 2020 වසරේ සිදුවුණු දුම්රිය අනතුරකිනි. අවයව ලබා ගත්, කාන්තාව මොළය මියගිය තැනැත්තියක බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. 

එම කාන්තාවගේ වකුගඩු, ඇස්, අක්මාව ආදිය ද තවත් පුද්ගලයන් තිදෙනකුට බද්ධ කළ බව ද පැවැසෙයි.


පැය 12 ක් ගත වුණු මෙම සැත්කම සිදු කර ඇත්තේ නවදිල්ලි අගනුවර ශ්‍රී ගංගා රාම් රෝහලේදීය.

20 දෙනකුගෙන් සමන්විත ශල්‍ය වෛද්‍ය කණ්ඩායමක් මෙම සැත්කමට සම්බන්ධ වූ අතර ඔවුන්ට නායකත්වය දී ඇත්තේ වෛද්‍ය මහේෂ් මංගාල්ය.

Exit mobile version