නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසන් සභාපතිවරයා වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මාටින් ස්නෙඩන් වෙනුවට නවසීලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සභාපතිත්වයට ඩයානා ලින්ඩන් නමැති කාන්තාවක් නම් කර තිබේ.
වාර්තා වන ආකාරයට ඇය නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිනියද වන අතර මීට පෙර අමෙරිකාවේ රුවල් ඔරු පැදීමේ සංවිධාන දෙකක ප්‍රධාන මූල්‍ය නිලධාරිනිය බවත් ඇයට පරිපාලනමය අත්දැකීම් සම්භාරයක් ඇති අතර ඇය නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට පළමුව සම්බන්ධ වී ඇත්තේ 2017දීය.