කාන්තාවගේ සිරුර හොයන්න ගිය සෙබළාද අභිරහස් ලෙස මිය ගිහින්.

ගේස්වෙස්ටන් වතුයායේ ඉහළ කොටසේ මිය ගොස් සිටි නාදුනන කාන්තාවගේ මළ සිරුර කදු මුදුනෙන් පහළට රැගෙන ඒමේ මෙහෙයුමට සම්බන්ධව සිටි යුද හමුදා සෙබළෙකු හදිසියේම මිය ගොස් ඇති බව වාර්තා වේ .

අද (02) දින සවස් කාලයේදී එම කාන්තාවගේ මළ සිරුර කදු මුදුනේ සිට පහළට රැගෙන ඒමේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මොහු යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු වන කේ.එම්.එන්.එස්. හෙරත් නැමැති 37 හැවිරිදි අයෙකි .

යුද හමුදා නිලධාරියා හදිසියේ රෝගාතුර වී නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව ලිදුල පොලිසියේ නිලධාරීවරයෙකු ප්‍රකාශ කර තිබේ .

මොහුගේ මරණ පරීක්ෂණය හෙට (03) දින නුවරඑළිය මහ රෝහලේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බවත් , මෘත ශරීරය මේ වන විට නුවරඑළිය මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වාර්තා වේ .

Exit mobile version