කොළඹ දිස්තික්ක්රයේ වෙළෙද සැල් දිනපතා වැසියන බවත් මිනිස්සුන්ට විදුලිබිල ගෑස් මිල කඩ කුලී ජල බිල් පත් බදු ගෙවා ගැනීමට නොහැකිවී වෙළෙඳ ව්‍යාපාර අසාර්ථක වී ශ්‍රමිකයන්ට රස්සවල් නැතී වී කුසගින්න ට කෑමක් කන්නට නොහැකිව තිබියදී ආණ්ඩුව විදුලි බිල වැඩි කිරීම අසාධාරණ බැව් සමගි ජනබලවේගයේ කාන්තාවන් ප්‍රකාශ කරයි.
උද්ඝෝෂණයකට එක් වෙමින් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ රටේ ජනතාව විශේෂයෙන් කාන්තාවන් සමග වැඩ කරන ජනතාව තවත් අසරණ වී ඇති බවයි. මිනිස්සුන්ට තියෙන හැමදේම උදුරා ගත්තා සේම ඡන්ද අයිතිය තව දුරටත් උදුරා ගැනීමට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.
තවද සමහර ප්‍රදේශවල නිවාස 40.;50 විදුලිය විසන්දි කර තිබෙන බවද විදුලි බිල ගෙවා ගැනීමට නොහැකිව තිබෙන බවද රනිල් වික්‍රමසිංහ ඇතුලුව සැමට කිසියම් හෝ සමාජ වගකීමක් නැති බවද ශ්‍රී ලංකාව තුල අරාජික තත්වයක් සාදා එම තත්වය හරහාම තමන්ගෙ පාලනය ගෙන යාමට රනිල් වික්‍රමසිංහට සහය වන්නේ පොහොට්ටුවේ දේශපාලඥයන් බවද ඔවුන් පෙන්වා දුන්නේය.