මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර සහ ස්වභාවික ඛනිජ හා කීලේටඩ් අංශුමාත්ර ශාක පෝෂක ආනයනය සඳහා රජය අනුමැතිය ලබා දී ඇති අතර, වී සඳහා අවශ්‍ය කාබනික පොහොර රජයේ පොහොර සමාගම විසින් ආනයනය කිරීමටත් අනෙක් බෝග වගාවට අවශ්‍යවන පොහොර බලපත්‍රලාභී පොහොර සමාගම් විසින් ආනයනය කර තරඟකාරී මීල ගණන් යටතේ ගොවීන් වෙත ලබා දීමටත් කටයුතු සලසා ඇති බව වාර්තා වෙයි.
එමෙන් ම අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ප්‍රමාදයකින් තොරව තරඟකාරී මිල ගණන් යටතේ ගොවීන්ට සැපයීමට හැකි වන ආකාරයට රජයේ පොහොර සමාගම් මගින් සපයනු ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙලෙස බෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර තොග ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.