ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ප්‍රමිතියෙන් තොරව නිශ්පාදනය වූ කාබනික පොහොර සහ සහල් කර්මාන්තය බිද වැටීම සම්බන්ධව සැගවුණු තොරතුරු බොහෝමයක් අනාවරණය කරන ලදී .
ලංකාවේ පොහොර නිශ්පාදන ආයතන විසින් නිශ්පාදනය කරන ලද ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් තොර දේශීය කාබනික පොහොර බෙදා දීමේදී මහා පරිමාණ මුදල් වංචාවක් සිදු කළ බව සභාපතිවරයා මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කරන ලදී.
ඒ අනුව 1988 අංක 68 දරණ පොහොර පනතට අනුව පොහොර මිලදී ගැනීම , බෙදා හැරීම තීරණය කිරීම සම්බන්ධයෙන් විධිමත් කමිටුවක් පත කර ඇති බවත් විශය භාර අමාත්‍ය මහින්ද අමරවීර සහ කැබිනට් අමාත්‍ය ලේකම්වරයා සම්බන්ධ කර ගනිමින් පොහොර සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත් සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී.
මෙම පොහොර පනතට පටහැනිව උපදේශක සභාව සැලකිල්ලට නොගෙන අධ්යක්ශ ජෙනරාල්වරයාගේ අනුමැතියකින් තොරව ප්රතිසම්පාදන ක්‍රියාවලියකින් තොරව ජාතික මිල ගණන්වල තීරණයක් නොමැතිව කරපු වංචාවේ වටිනාකම රුපියල් බිලියන 16.9ක් බව සභාපතිවරයා හෙළිදරව් කරනු ලැබීය .
මෙම වංචාවට වගකිවයුත්ට්ගේ පොහොර ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල , කැබිනට් ලේකම්වරයා , විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර බව සභාපතිවරයා අවධාරණය කරන ලදී.
එමෙන්ම කුඩා පරිමාණ මහ පරිමාණ සහල් කර්මාන්තය බිද වැටී ඇති බවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ඩොලර් මිලියන 400ක් ගෙවා සහල් ආනයනය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරන ලදී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කෘශිකර්ම අමාත්‍යවරයා සහ වෙළද අමාත්‍යාංශයේ වෙළද ඇමතිවරයා බවත් ඔහු චෝදනා කරන ලදී.
මේ සම්බන්ධව රහස් පොලීසියට පැමිණිලි කර ඇති බවත් , ඉදිරි දෙසතිය තුළ මෙම නඩුව ශේෂ්ඨාධිකරණය වෙත රැගෙන යන බවත් අල්ලස් කොමිසම වෙතටත් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මේ සියලු දෑ සම්බන්ධයෙන් තමා සතුවා තොරතුරු පවතින බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය .
මෙම පොහොර වංචාව සහ සහල් කර්මාන්තය බිද වැටීම සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලද සියලු තොරතුරු දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න .