පොලිස් නිලධාරියාගේ කැත කතාව සහ කාරුණික රෝහල් කාර්යමණ්ඩලය

මීට සුළු මොහොතකට පෙර ඇඹිලිපිටිය මහා රෝහලේ සිදු වූ ඛේදනීය සිදුවීමකි මෙය.

හුස්මගැනීමේ අපහසුවෙන් පෙළුණු තම බිරිඳ රැගෙන වේගයෙන් රෝහල වෙත ගිය සැමියෙකුට රෝහල් ආරක්ෂක සේවය සහ එහි රාජකාරි බාරව සිටි පොලිස් නිලධාරියා මේ සැමියාට බැනවදිමින් ලෙඩා රැගෙන ගිය රථය රෝහලෙන් එලියට යවා තිබෙන්නේ එම රෝගී කාන්තාව වෛද්‍යවරයා වෙත් ඉදිරිපත් කිරීමටත් පෙරය.

එම සිද්දීයට මුහුණ දුන් පුද්ගලයා පවසන පරිදි මෙම අසාධ්‍ය කාන්තාව රථයෙන්  බසවා කිසිදු වාහනයකට අවහිර නොවන සේ නවතා, ඉක්මනින් අසාද්‍ය කාන්තාව කොවිඩ් පරීක්ෂණය සදහා රැගෙන යන විට, එතනිනේ පැමිණි රෝහල් පුද්ගලික ආරක්ෂක නිලධාරියා  මෙම රෝගියා සමග පැමිණි  පුද්ගලයා සමග බහින් බස් වීමක් සිදුව තිබේ.

ඉන්පසු ඒ වෙත පැමිණ ඇති එහි රාජකාරි පොලිස් නිලදාරියා එම වාහනය රෝහලෙන් එලියට දමන  ලෙස නියෝග කර ඇති අතර, ඒ සමගම මෙම සැමියා , “සැරයන් මහත්මයා, අර හුස්ම ගන්න බැරිව දගලන්නේ මගේ බිරිද, එයා ඩොක්ටර් වෙත පෙන්නලා ඇවිත් වහනය මන් එලියට දාන්නම්. අර මනුස්සයට හොදටම අමාරුයි” කි විටම එම පොලිස් නිලදාරියා ප්‍රකාශ කර තිබෙන්නේ, මැරුනොත් වාට්ටුවට දානවනේ, ලෙසය.

කෙසේ හෝ මෙම කාන්තාව රැපිඩ් පරීක්ෂණයෙන් කොරෝනා පොසිටිව් වී තිබේ. ඔහු නැවත පැමිණෙන විට එම කාන්තාව රෝහල් ගත කර වාට්ටුවට පවා යවා තිබේ.

රාවණා සටහන.

මෙවන් වෙලාවක කිසිම පුද්ගලයෙකු රෝහල් වෙත යන්නේ නැත. අමාරුම ලෙඩෙකු රැගෙන ගියහොත් පමණි. මේ සිද්දියට මුහුණ දුන් පුද්ගලයා පවසන්නේ, මෙම රෝහලේ කාර්යමණ්ඩලය එම විනාඩි 10 ක් වැනි කාලය තුල මෙම ලෙඩා රෝහල වෙත ඇතුලත් කරගත් බවටත්, එම කාලය තුල රැපිඩ් පරීක්ෂණය පවා කිරීමටත්, අවශ්‍ය සියලු දේ සිදු කර තමන්ගේම කෙනෙකුට මෙන් මේ රෝහල් කාර්ය මණ්ඩලය සැලකු බවය. ඇඹිලිපිටිය මහා රෝහලේ අද හවස 16.00 පැයට පමණ සිටි  කාර්ය මණ්ඩලයට අපගේ ගරුත්වය මෙසේ සටහන් කරන අතර, පෞද්ගලික ආරක්ෂක නිලදාරියාගේද, පොලිස් නිලදාරියාගේ අකාරුණික සේවයටද අපගේ අප්‍රසාදය පල කරමි. ලෙඩෙක් රැගෙන කවුරු පැමිණියද, රෝහල් වල අනියම් ලෙස හෝ වැඩ කරන සියලුම දෙනා මානුෂවාදී විය යුතුය. වැඩි දුරටත් තොරතුරු අවශ්‍යනම් අපගෙන් විමසන්න.  රෝහලක් වෙත පැමිණෙන සියලු මිනිසුන් රෝහලට පැමිණෙන්නේ දැඩි මානසික පීඩනයකින් ආරක්ෂක නිලදාරීන්ට වඩා රජයෙන් සෘජුවම වැටුප් ලබන නීතිය පිලිබදව යමක් උගත් පොලිස් නිලදාරීන් මනාව වටහා ගත යුතුය.

Exit mobile version