කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

තද වැසි තත්ත්වයක් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇත.

ඒ අනුව එම නිවේදනයේ සඳහන් වන්නේ මෙම අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් උතුරු පළාතෙත්, පුත්තලම ,අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව ගමන් කර 2021 නොවැම්බර් මස 18 දින අකුණු ආන්ද්‍රා ප්‍රදේශයට යාබද උතුරු තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කිරීමේ වැඩි හැකියාවක් ඇති බව ද එහි සඳහන් කර ඇත.

Exit mobile version