මේ වන විට රට තුළ පවතින අහිතකර කාලගුණ තත්ත්වය හමුවේ පුද්ගල මරණ 06ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම තත්ත්වය හමුවේ දිවයිනේ දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 84කට දැඩි බලපෑම් එල්ලව ඇති බව ද වාර්තා වන අතර ඉන් පවුල් 4,271කට අයත් පුද්ගලයින් 18,129ක් පීඩාවට පත්ව ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, රත්නපුර, මහනුවර, කෑගල්ල, අම්පාර ,නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ක්‍රික්කයන්ට මෙම අපදා තත්ත්වය හමුවේ බලපෑම් එල්ලව ඇත.
එමෙන්ම මෙම අපදා තත්ත්වය හමුවේ අවතැන්ව සිටි පුද්ගලයින් 237 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 07ක් කරා රැගෙන ගොස් රඳවා සිටින බව ද වාර්තා වී ඇත.