කාලගුණයෙන් අවවාද

කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දිවයිනට දකුණු දෙසින් පවතින අඩුපීඩන කලාපය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එහි පෙන්වා දී ඇත්තේ ඉදිරි පැය 24ක කාලය තුළ දී පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ එම මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමග පැ.කි.මී.40-50 පමණ තද සුළං පවතින අතර සුළඟේ වේගය පැ.කි.මී.60 දක්වා ඉහළ යා හැකි බවයි.

මේ හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් ඇති ගැඹූරු මුහුදු ප්‍රදේශයන්හි යළි දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයන්ගෙන් මුහුදු ගොස් ඇති පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් කරා පැමිණෙන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

Exit mobile version