කාලගුණයෙන් එළවලු වගාවට රතු එළි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසි තත්වයන් හේතුවෙන්
ආගරපතන, බගවන්තලාව ආදි ප්‍රදේශවල එළවළු වගාවන්
විනාශයට පත් විමත් සමග එම එළවළු ගොවින් විවිධ
දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල
එළවළු ගොවින් කිප දෙනකුම පවසන ලද්දේ මෙම
ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් තමන් ඉතා
දුකසේ වගා කරන ලද එළවළු වගාවන් බොහෝමයක්
විනාශයට පත් විමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට
පත්ව ඇති බවත්ය.
තමන් වැටි සිටින ආර්ථික අහේනියෙන් යම් තරමින් හෝ
ගොඩ ඒමට තම පවුලේ අයගේ රන් ආභරනද උගසට තබා
ණය ලබා ගෙන මෙම එළවළු වගාවන් සිදු කලද පවතින
වැසිවලට එම එළවළු වගාවන්ද මෙසේ විනාශයට පත් විමත්
සමග තමන් මේ වන විට කබලෙන් ලිපට ඇද වැටි ඇති
බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

Exit mobile version