කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 කට අනතුරු

පස්වරුවේ සහ රාත්‍රී කාලයේ දිස්ත්‍රික්ක 10 කට ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බවත් තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර සිටින අතර අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට ජනතාවට කටයුතු කරන ලෙසද දන්වා සිටී.

ඒ අනුව අනතුරු අගවා ඇති දිස්ත්‍රික්ක නම් කොළඹ , ගම්පහ , කළුතර , ගාල්ල , මාතර , රත්නපුර , කෑගල්ල , කුරුණෑගල , පුත්තලම සහ අනුරාධපුරය වේ.

Exit mobile version