කාලගුණයේ වෙනසක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව මේ වන විට පවතින අඩුපීඩන කලාපය නැගෙනහිර දෙසට බරව ඊසාන දෙසට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙනිසා එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා ඉහළ යාහැකි අතර වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම අද (18) දිනයේ දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශයන්ට ගිගිරුම් සහිත වැසි ඇතිවන බවත් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එම ප්‍රදේශයන්ගේ නාවික හා ධීවර ප්‍රජාවට  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

රත්නපුර, නුවරඑළිය,ගාල්ල,මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට ද අද සවස් කාලයේ මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.

Exit mobile version