අද (06) දිනයේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
නැගෙනහිර, දකුණ සහ බස්නාහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ දී වැසි තත්ත්වයන් ඇති වන බව එම නිවේදනයේ සඳහන් කර ඇත.
මේ අතර බස්නාහිර, මධ්‍යම,දකුණ සහ සබරගමුව පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මීත75 ඉක්මවූ තද වැසි තත්ත්වයන් අපේක්ෂා කළ හැකි අතර මධ්‍යම, සබරගමුව,ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පෙන්නුම් කරයි.
විශේෂයෙන් එම නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
විශේෂයෙන් මේ වන විට වික්ටෝරියා ජලාශයේ ද වාන් දොරටු විවෘතව ඇති අතර ඒ අවට පහත් බිම්වල සිටින ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතුව ඇත.
එමෙන්ම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ ප්‍රදේශවල ජනතාව ද අවදානයෙන් පසුවිය යුතුව ඇත.