කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීම්

කාලගුණ දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත්තේ දිවයිනට ගිනිකොණ දෙසින් වන පහළ වායුගෝලය තුළ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන නිවේදනයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක තුලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ය.

එසේම උතුරු මැද ,නැගෙනහිර සහ ඌව පළාත්වල ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද ඇතැම් අවස්ථාවලදී මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ තැනින් තැන ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුවෙන් දන්වා ඇති බන සඳහන් ය.

 කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කරමින් සඳහන් කර ඇත්තේ වැසි සමඟ ඇති විය හැකි තාවකාලික සුළිසුළං තත්ත්ව සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Exit mobile version