කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවට ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ ද විටින් විට සුළඟේ වේගය කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකි බවද ඔවුන් සඳහන් කරයි.

මේ පිළිබඳව ධීවර ප්‍රජාව සහ නාවික ප්‍රජාව අවධානයේ පසුවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම් සිදුකර ඇත.

Exit mobile version