කාලිගේ සාපයෙන් ජනයා කැළඹෙයි දූෂිතයින් පන්නයි.

🔴මරාදැමීමට පෙර ප්‍රගීත්ගෙන් ප්‍රශ්න කර තිබුණේ ෆොන්සේකා ගැන සහ “රාජපක්ෂ පවුල් ගස” ගැනයි..

🔴කාලිගේ සාපයෙන් ජනයා කැළඹෙයි දූෂිතයින් පන්නයි – සන්ධ්‍ය එක්නැළිගොඩ දේව සාපය අලුත් කරයි..

තම සැමියාට සාධාරණයක් ඉටුකර දෙන ඉල්ලා දූෂිත පාලකයන්ට එරෙහිව තමන් නැවත වතාවක් කාලි මෑණියන් ඉදිරියේ සාපයක් සිදුකළ බව අතුරුදහන් කර මරා දැමු බවට සැළකෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ පසුගිය වසරේ ජනවාරි මස විසිපස් වෙනිදා තමා සිදු කළ සාපය අදාළව වගකිවයුත්තන්ට පලදුන් බවයි.

තමන්ට සාධාරණයක් ඉටු වනතුරු එම සාපය අඛණ්ඩව සිදුකරන බවත් පසුගිය වසරේ ජනතාව වීදි බැස අරගලයකට ප්‍රවේශ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස යැයි තමන් දැඩිව විශ්වාස කරන බවද ඇය මෙහිදී සඳහන් කර තිබෙනවා.

ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට සම්බන්ධ බවට සැලකෙන හමුදා බුද්ධි අංශ සාමාජිකයින් බේරා ගැනීමව දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වූ අයුරු ද ඇය මෙහිදී හෙළිකර තිබෙනවා.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමීමට පෙර “රාජපක්ෂ පවුල් ගස” යනුවෙන් ඔහු ලියූ ලිපියක් ගැන සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබූ බව මේවන විට හෙළිව ඇති බවද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න

Exit mobile version