කාසල්රි ජලාශයේ ජලය උපරිම ලෙස ජල විදුලියට මුදා හැරලා .

මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ඡලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමට ඉතාමත් අසන්නවෙමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතාමත් ආසන්නව පවතින බවත්ය.
ඒ අනුව මේ වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අගල් 08ක් පහලින් පවතින බවත් මෙම ජලාශයේ ජලය මේ වන විට ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

Exit mobile version