කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම පහළට .

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාළගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බවට එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසා ඇති බව වාර්තා වේ.

ජලාශ දෙකේම ජල මට්ටම අද (01) දින උදෑසන වන විට පිටාර මට්ටමේ සිට අඩි 18 ක් දක්වා පහළ බැස ඇති බවත්, ජල මට්ටම පහළ බැසීමත් සමග ජලාශයට යට වී තිබු දූපත් යලි මතු වෙමින් පවතින බවත් එම ඉංජිනේරුවන් පවසා තිබේ.

දැනට පවතින ජල ධාරිතාව විදුලි උත්පාදනයට ප්‍රමාණවත් බවත්, ඒ අනුව කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සාමාන්‍ය පරිදි සිදු කරන බවත් වාර්තා වේ.

Exit mobile version