කාසල් රෝහලේදී ඔක්තොම්බර් මස මෙලොව එළිය දුටු නිවුන් දරුවෝ තවමත් රෝහලේ.

කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී රාගම ප්‍රදේශයේ මවක් විසින් ඉකුත් ඔක්තෝම්බර් 15 වැනිදා වාර්තා පොත් අලුත් කරමින් සය නිවුන් දරු උපතක් සිදු කළ අතර ඉන් එක් දරුවෙකු ඔක්තෝම්බර් 17 දා මිය යන ලදී.

මේවන විට අනෙක් දරුවන් පස් දෙනා තවමවත් රෝහල් ගතව සිටින බවට වාර්තා වේ .

එසේම එම දරුවන් පස් දෙනාම තවමත් ඉන්කියුබේටර් යන්ත්‍ර‍යේ රදවා සිටින බව සඳහන් .

කාසල් රෝහලේ ඉන්කියුබේටර්වල රඳවා තිබන මෙම දරුවන් 5 දෙනා තවත් මාස දෙකක පමණ කාලයක් එහි රඳවා තැබිමට සිදුවන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසන අතර ඒ අනුව මෙම දරුවන් පස්දෙනා වෙනුවෙන් ඉන්කියුබේටර් 5ක්ම මාස දෙකක කාලයක සිට වෙන්කර ඇති බැවින් අඩු මාසෙන් උපදින වෙනත් දරුවන්ට ඉන්කියුබේටර් ලබාදිමට නොහැකි වන තත්ත්වයක් තුළ එම දරුවන් ඉන්කියුබේටර් තිබෙන රෝහල්වෙත මාරුකර හැරීමට සිදුව ඇතැයි වාර්තා වේ .

Exit mobile version