කැබිතිගොල්ලෑවට නව පොලිස් අධිකාරිවරයෙක් .

පසුගිය මස 24 වන දින උසස් පොලිස් නිලධාරිවරයෙකු තමාට පහර දුන්නා යැයි පවසමින් කැබිතිගොල්ලෑව පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා රෝහල් ගත කරනු ලැබුවේය. මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයට අදාළව එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිආරච්චි ස්ථාන මාරු කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව නව කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කුණ්ඩසාල පොලිස් රෝහලේ වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එස්.කේ.වික්‍රමනායක පත් කරන ලදී .

Exit mobile version