කැබිතිගොල්ලෑවේ සිද්ධියෙන් මියගිය පොලිස් සැරයන්වරයාට උසස්වීමක්

පසුගියදා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී අලියෙකුගේ පහරකෑමකින් මිය ගිය කාන්තාවක් මුල් කරගනිමින් සිදු කළ විරෝධතාවයක් පාලනය කිරීම සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට විරෝධතාකරුවන් පහර දීම නිසා රෝහල්ගත කළ අතර එහිදී ඔහු ජීවිතක්‍ෂයට පත් විය.

එසේ ජිවිතක්‍ෂයට පත් වූ පොලිස් සැරයන් A.P.සුනිල් මහතා පසුගිය මස 31 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර තිබේ.

මෙම උසස්වීම පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස්පතිවරයා විසින් ලබා දී ඇත.

Exit mobile version