කැබිතිගොල්ලෑව විරෝධතාවයක් අතරතුර පොලිස් සැරයන්වරයෙකු මරුට

අලියෙකු පහර දීමකින් අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවක් මිය යාම හේතුවෙන්  ඊයේ (31) රාත්‍රියේ එම ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.

ප්‍රදේශවාසින් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබු අතර එය පාලනය කිරීමට පොලිසිය මැදිහත් වූ අතර එහිදී පොලිසිය විසින් අහසට වෙඩි තැබීමක්ද සිදුකර ඇත.

මෙම විරෝධතාවය අතරතුරදී පොලිස් සැරයන්වරයෙකු ප්‍රදේශවාසීන්ගේ පහර කෑමට ලක්ව රෝහල්ගත කළ අතර එහිදී ඔහු මියගිය බව අද දින වාර්තා විය.  

Exit mobile version