ශ්‍රී ලංකාවේ කුමන පැත්තකින් බැලුවත් යහපත් නායකයන් හෝ අනුගාමිකයන් සොයා ගන්නට නැත. සෑම පැත්තකින්ම දකින්නට ලැබෙන්නේ බහුතරයක් කුමක් හෝ අයුරකින් දූෂිත බවයි. බහුතරයක් දූෂිත නම් කිසිදා ශ්‍රී ලංකාව ගොඩනැගීමට නොහැකි වනු ඇත. ගොඩනැගීමක් සිදුවන්නේ නම් සිදුවනු ඇත්තේ දැවැන්ත විනාශයකින් අනතුරුවය.
බස්නාහිර පළාතේ එක්තරා දිස්ත්‍රික්කයක විවිධ කප්පම් වලට සම්බන්ධ බව කියවෙන, නිරන්තරයෙන්ම ජනතාව පීඩාවට ලක්කරන නව රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ඊයේ (24) ඉන්ධන පෝලිමක සිටි පිරිසකට කල පහර දීමක් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට ඔහුගේ පහරදීම හමුවේ 4 දෙනෙකු පලා ගොස් තිබෙන අතර එක් අයෙකු අදාළ පොලිසියේ පැමිණිල්ලක් යොදා තිබේ. අදාළ පැමිණිලි අංකය වන්නේ CIB (A) 191/195 වේ.
කෙසේ නමුත් අප අදාළ පොලිස් ස්තානාධිපතිවර්යාගෙන් මේ පිලිබඳව විමසීමක් කල අතර ඔහු පවසා සිටියේ “ ඔව්, නෑ ඒක වැඩක් නෑ ලෙසයි”. එසේ පවසා ඔහු ක්ෂණිකව දුරකතනය විසන්ධිකරන ලදී.
නමුත් එම පැමිණිල්ලේ සත්‍ය අසත්‍යතාව පිලිබඳවත් තහවුරු කරගැනීමට නොහැකි වූ බැවින් අප මෙසේ ලද තොරතුරු පමණක් වාර්තා කරන අතර අදාළ අමාත්‍යවරයා කවුරුන්ද යන්න ඔහුගේ නමත් සමගම පලකිරීමට කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාවේ සාමන්‍ය ජනතාවද අද හැසිරෙන්නේ එවැනි චන්ඩි ඇමතිවරුන්ගේ හැසිරීම් වලින් ලබා ගත් අත් දැකීම් වලිනි. පොලිසියට පැමිණිල්ලක් යොදා තිබෙන්නේ නම් අදාළ අමාත්‍යවරයා ගෙන්වා එය විභාගකිරීම අදාළ පොලිස් ස්තානධිපතිගේ වගකීම වන අතර අප එක් ප්‍රශ්නයක් අසන විටම “නෑ, ඒක වැඩක් නෑ” කියා ක්ෂණිකව දුරකතනය විසන්ධි කරනුයේ අදාළ ස්තානාධිපතිද ඔහුගේ සහචරයෙක් නිසා විය යුතුය. දේශපාලඥයන්ගේ වුවමනවට නුසුදුසු පත්වීම් ලැබූ ස්ථානාධිපතිවරු ගනනාවක් සිටින බව අප මීට පෙර වාර්තාකරණ ලදී.