කැබිනට් මණ්ඩල සංශෝධනය.

මෙම සංශෝධනයට අනුව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙතෙක් කටයුතු කළ ජී. එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දෙනු ලැබීය.

එසේම සෞඛ්‍ය අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙසත්, ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ ගාමිණී ලොකුගේ මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා දැනට දරන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව, මෙම ධුරයට පත් කරනු ලැබීය.

Exit mobile version