කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි අඩපනයි

කැලණිතිස්ස විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කටයුතු නවතා ඇත.

විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙසේ ජනන යන්ත්‍රය තාවකාලිකව නවතා දමා ඇති බවයි.

එලෙස නවතා දමා ඇත්තේ මෙගාවොට් 150ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතිය වෙත ලබාදෙන ජනන යන්ත්‍රයකි.

කෙසේ නමුත් අද (19) දිනයේ මේ හේතුවෙන් විදුලිය කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවත් එම විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ අද රාත්‍රී කාලයේ දී විදුලි කප්පාදුවක් සිදුකරන්නේද යන්න සම්බන්ධයෙන් පස්වරුවේ දී නිෂ්චිත තීරණයක් ගන්නා බවයි.

Exit mobile version